පත් කළ දේශපාලකයින් පිරිසක් යළි කැඳවයි.. දැන් ලේසි නෑ හැබැයි.. මාලිමා ආණ්ඩුව ගත් තීරණය මෙන්න..

Nuwara Eliya Anura Kumara Dissanayaka Latest Headlines Decision Making AKD
By krishani Nov 03, 2024 05:27 PM GMT
krishani

krishani

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ මෙරට තානාපති සේවය සඳහා පත්කර ඇති සියලු දේශපාලකයන් යළි කැඳවීමට තීරණය කළ බවයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නුවරඑළියේ අද (03) පැවති ජන රැලියක දී ය.

7 වැනිදාට කලින් හිඟ මුදල ගෙවන්න ඕන.. නැත්නම් විදුලිය කපා දානවලු.. කළුවරේම ඉන්න වෙයි ද?.

7 වැනිදාට කලින් හිඟ මුදල ගෙවන්න ඕන.. නැත්නම් විදුලිය කපා දානවලු.. කළුවරේම ඉන්න වෙයි ද?.


එමෙන්ම, පරිවර්තනීය වෙනසක් සිදුකිරීම සඳහා සියලු ජාතීන්ගේ ද සහාය හිමි පාර්ලිමේන්තු බහුතරයක් අවශ්‍ය බව ඒ මහතා සඳහන් කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මෙවැන්නකී,

"නොවැම්බර් 14 මහ මැතිවරණය පැවැත්වෙනවා. මොකද කරන්නේ නුවරඑළිය ජනතාව?

මේ නුවරඑළිය මහ මැතිවරණයට වැදගත් දිස්ත්‍රික්කයක්. සියලු ජාතීන් සමගි කරන දේශපාලනයක් නෙවෙයි තිබුණේ. දෙමළ ජනයාට ඡන්දය දෙන්න දෙමළ පක්ෂ හදලා, සිංහල ජනතාවට ඡන්දය දෙන්න සිංහල පක්ෂ තිබුණා.

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හිටිය.. ලොහාන් රත්වත්තේ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හිටිය.. ලොහාන් රත්වත්තේ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


නුවරඑළියේ සිංහල, දෙමළ ජනතාව බෙදිලා ජීවත්වුණේ. සියලුදෙනා නියෝජනය වන දේශපාලන ව්‍යාපාරයක් පළමුවරට.

පරණ පාරේ යන්න ජනාධිපතිවරණයේදී බලය දුන්නේ නැහැ. වෙනස සිදුකරන්න සියලු ධාරාවන්ගේ බලය තිබිය යුතුයි. බලය ඇත්තේ ජනපති ප්‍රමුඛ තුන්දෙනෙකුගේ කැබිනට් මණ්ඩලයක. පරිවර්තනීය වෙනසක් සිදුකිරීමට පාර්ලිමේන්තු බහුතරය ගත යුතුයි..

පළාත් සභා ඡන්දේ ලබන වසරේ, ප්‍රාදේශීය සභා ඉක්මණින්ම පවත්වන්න බලාපොරොත්තු වෙනවා. පළමුව දේශපාලන බලය තහවුරු කරගත යුතුයි. විද්‍යාත්මකව විෂයන් බෙදූ හොඳ කැබිනට් මණ්ඩලයක්. හැබැයි ඒ ඇමතිවරුන්ට කලින් වගේ වරප්‍රසාද නැහැ..

..තානාපති ක්ෂේත්‍රයට යවලා තියෙන දේශපාලකයෝ ඔක්කොම කැඳවන්න තීරණය කළා. මේ අවස්ථාව අත්හරින්නේ රට ගොඩනැගීමෙන් පමණයි.."

ReeCha