ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් කුඩා දරුවන් දෙදෙනෙක් ඇතුලුව මියගිය ගණන 15ක් දක්වා ඉහළට [UPDATE]

Accident Death Srilanka Bus Latest Headlines Sinhala news
By Ashfa Sep 05, 2025 01:37 AM GMT
Ashfa

Ashfa

Report

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 කිලෝමීටර් කණුව අසලදී ඊයේ (04) රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු මිය ගොස් තිබේ.

බදුල්ල ශික්ෂණ රෝහල සඳහන් කළේ මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරුද සිටින බවය. 

ඇල්ල - වැල්ලවාය බස් අනතුරට පෙර ගත් අවසන් චායාරුප

ඇල්ල - වැල්ලවාය බස් අනතුරට පෙර ගත් අවසන් චායාරුප

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

-----------------------------------------------------------------------------------------

ඇල්ල - වැල්ලවාය බස් අනතුරින් මියගිය ගණන 15ක් දක්වා ඉහළට - සියලු තොරතුරු මෙතනින්-------------@9.20 A.M.

ඊයේ රාත්‍රියේ (4) දින ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් රථ අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊට අමතරව තවත් පුද්ගලයිත් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක් බවත් බස් රථය මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවත් වාර්තා වේ.

සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව වාර්තා වේ.

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

අනතුරින් පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් ඊට ළමුන් 5 දෙනෙකුද ඇතුළත් බවත් පොලීසය වාර්තා කරයි. කරුණු සදහන් වන ආකාරයට අනතුරට ලක්වී ඇත්තේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයකි.

අනතුර පත් බස් රථයේ පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් එක් වූ බවත් අනතුර සිදුවන විට පුද්ගලයින් 30කට වැඩි පිරිසක් බස් රථය තුළ සිට ඇති බවත් වාර්තා වේ.

වගාවන්ට හානි කරන වන සතුන් එළවන්න රජයෙන් අලුත් වැඩක්

වගාවන්ට හානි කරන වන සතුන් එළවන්න රජයෙන් අලුත් වැඩක්

බස් රථය අනතුරට පත් ස්ථානයේ පැවැති දැඩි බැවුම් සහිත තත්ත්වය නිසාත් රාත්‍රී කාලයේ දැඩි අදුර නිසාත් පිරිස මුදා ගැනීමට දැඩි පරිශ්‍රමයක් යොදමින් බීච් ක්‍රාෆ්ට් යානයක් ද භාවිතා කර ඇත.