ඇල්ල - වැල්ලවාය බස් අනතුරේදී බසයේ ගැටුණු ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට
ඊයේ රාත්‍රියේ (4) දින ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුරින් මේ වනවිට පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එහිදී එම බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරට පත් බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බව වාර්තා වේ.
එහිදී අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඊයේ රාත්‍රි 9ට පමන සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත ඇත.