මහමෙව්නාව ආරාමය අසල රක්ෂිතයම බිලිගන්න ගිය මහා ගින්නෙහි මේ වනවිට තත්වය

By Kanchana Jul 05, 2026 11:59 AM GMT
Report

බණ්ඩාරවෙල, කුඹල්වෙල මහමෙව්නාව බෞද්ධ ආරාමය ආසන්නයේ රක්ෂිත වනාන්තරයක හටගත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා සඳහන් කළේ, ඊයේ සවස ආරම්භ වූ ගින්න ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ මහමෙව්නාව බෞද්ධ ආරාමයේ භික්ෂූන් වහන්සේලාගේ ඒකාබද්ධ මැදිහත්වීමෙන් මධ්‍යම රාත්‍රිය වන විට මුලික වශයෙන් පාලනය කළ බවයි.

කෙසේ වෙතත්, පවතින වියළි කාලගුණික තත්ත්වය, තද සුළං සහ කඳුකර ප්‍රදේශයේ බෑවුම් සහිත රළු භූමි ස්වභාවය හේතුවෙන් අද (05) උදෑසන සිට ගින්න වරින් වර නැවත ඇවිළී කඳුකරයේ ඇතැම් ප්‍රදේශවලට පැතිර ගිය බවද ඔහු පැවසීය.

ඒ අනුව අද උදෑසන සිට යළිත් විශේෂ ගිනි නිවීමේ මෙහෙයුමක් දියත් කළ අතර, ආරක්ෂක අංශ සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ ප්‍රයත්නයෙන් දහවල් වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට හැකි වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

රෑ මැද ඇල්ල හොල්ලපු මහා ගින්න- මහමෙව්නාව ආරාමය අනූනමයෙන් බේරෙයි

රෑ මැද ඇල්ල හොල්ලපු මහා ගින්න- මහමෙව්නාව ආරාමය අනූනමයෙන් බේරෙයි

කෙසේ වෙතත්, ගින්නෙන් බලපෑමට ලක් වූ මුළු භූමි ප්‍රමාණය සහ සිදුව ඇති පාරිසරික හානිය පිළිබඳ අවසන් තක්සේරුව මෙතෙක් සිදු කර නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර ඇගයීම් මේ වන විටත් ක්‍රියාත්මක බව නිලධාරීහු පැවසූහ.