රෑ මැද ඇල්ල හොල්ලපු මහා ගින්න- මහමෙව්නාව ආරාමය අනූනමයෙන් බේරෙයි

Report

ඇල්ල පොලිස් වසමේ කුඹල්වෙල, මහමෙව්නාව බෞද්ධ ආරාමය අසල ආරක්ෂිත රක්ෂිතයක ඊයේ (04) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවන භටයින්, පොලිස් නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කළ මෙහෙයුමකින් ගින්න පාලනය කිරීමට හැකි විය.

ගින්න හේතුවෙන් ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව බලධාරීන් තහවුරු කළේය.

ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, ඇල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.