ආපදාවෙන් හානි වූ අලි වැටවල් වලට කඩිනමින් විසදුම්

Report

ආපදාවෙන් හානි වූ අලි වැටට කඩිනමින් විසදුම් මෙරටට බල පෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු හානි වූ සහ ප්‍රතිස්ථාපනය ආරම්භ කෙරෙනු අලි වැටවල්වල ප්‍රතිස්ථාපන කටයුතුවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පවත්වා ඇත.

ඒ ඊයේ (10) දින පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙනි.

අයහපත් කාලගුණය හේතුවෙන්    මතු වූ ආපදා නිසා   අලිවැටවල් විශාල ප්‍රමාණයක් හානි වූ අතර වැඩි වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල වනජීවි කලාපයේ අලි වැටවල පූර්ණ හා අර්ධ හානි සිදුව ඇත.

ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතකම අලි වැට හානියට පත්ව තිබේ.

   තවද අලිවැට නඩත්තු කටයුතු සිදු කිරීම ශ්‍රම මෙහෙයුමක් ලෙස ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු සිදු කිරීමට මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුව ඇත.

ඒ වගේම මෙම සාමුහික ක්‍රියාදාමය සතියක් තුළ නිම කිරීමට පරිසර අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ .

රැඳවියාගේ සිරුර බන්ධනාගාර සිරමැදිරියේ එල්ලෙයි

රැඳවියාගේ සිරුර බන්ධනාගාර සිරමැදිරියේ එල්ලෙයි

අලිවැට නඩත්තු සහයකයින්, සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් මෙම කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

තවද මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාමීය කමිටු සහ ගොවි සංවිධාන එක්ව අලිවැට නඩත්තු කටයුතු සඳහා සහය දීමට එකඟ වි තිබේ.

ඒ අනුව අලි වැට නඩත්තු කටයුතු මෙම සතිය තුළ ශ්‍රම මෙහෙයුමක් ලෙස කඩිනමින් සිදු කිරීමට සූදානම් වේ.

[

''මට කෙල්ලෙක් බදින්න පුළුවන් සමාජෙ මොනව කිව්වත් මට අදාළ නැහැ '' සංජානා ආයිමත් සමාජ මාධ්‍ය කළඹයි

''මට කෙල්ලෙක් බදින්න පුළුවන් සමාජෙ මොනව කිව්වත් මට අදාළ නැහැ '' සංජානා ආයිමත් සමාජ මාධ්‍ය කළඹයි

]