විදුලි ගාස්තු සංශෝධනය ළඟ ළඟම

Report

මහජන උපයෝගීතා කොමිසම පවසන පරිදි, 2025 වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබන සතිය තුළ ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, ජුනි හෝ ජුලි මාසවලදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නම්, ඒ සඳහා වන යෝජනා මැයි මාසය තුළ කොමිසම වෙත ලැබිය යුතු බවයි.

අද ස්ත්‍රී අයට සුබපල ගෙනදෙන සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වෙන වාසනාවන්ත යෝගයක්!

අද ස්ත්‍රී අයට සුබපල ගෙනදෙන සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වෙන වාසනාවන්ත යෝගයක්!

යෝජනා ලැබීමෙන් පසු, ඒවා පිළිබඳ සවිස්තර අධ්‍යයනයක් සිදු කර, සති 3ත් 6ත් අතර කාලයකදී කොමිසමේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම කාලපරිච්ඡේදය තුළ යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම ද සිදු කෙරේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීමකට අනුව, විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව රජය විසින් ප්‍රකාශ කර ඇති අතර, ඒ අනුව ඉදිරියේදී ගාස්තු සංශෝධනයක් සිදුවනු ඇත.

කෙසේ නමුත්, මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය විසින් එම යෝජනා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.

මැතිවරණ කොමිසමේ මහ රෑ නිවේදනයෙන් පාසල් වැඩ අවුල් වෙලා..

මැතිවරණ කොමිසමේ මහ රෑ නිවේදනයෙන් පාසල් වැඩ අවුල් වෙලා..

මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය 2025 ජනවාරි 17 වැනිදා සිදු වූ අතර, එහිදී මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට තීරණය කරන ලදී.