දැන් එතකොට.. විදුලි ගාස්තුවට මොකද වෙන්නේ?. කොමිසමෙන් වහාම CEBයට දැනුම්දීමක් මෙන්න..

Report

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනයට අදාළව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලි බලමණ්ඩලයට දැනුම් දී ඇති බව එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ය.

ඕනම කරන ඩීසල් පෙට්‍රල්.. ඉන්ධන මිල සංශෝධනයන්ට මොකද වෙන්නේ?.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන දෙය මෙන්න..

ඕනම කරන ඩීසල් පෙට්‍රල්.. ඉන්ධන මිල සංශෝධනයන්ට මොකද වෙන්නේ?.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන දෙය මෙන්න..


එම යෝජනාවලිය ලබන 8 වන දිනට පෙර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස 24 වෙනිදා ලංකා විදුලි බලමණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලියක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණි.

එමඟින් විදුලි ගාස්තු සියයට 4ත් 11ත් අතර ප්‍රතිශතයකින් පහළ දැමීමට ලංකා විදුලි මණ්ඩලය විසින් යෝජනා කර තිබෙනවා.

දෙගොඩ තලන.. ඇද හැලෙන මහ වැස්සෙම.. ජල කප්පාදුවකුත්.. වෙලාව එක්ක ප්‍රදේශ ටික මෙන්න..(PHOTO)

දෙගොඩ තලන.. ඇද හැලෙන මහ වැස්සෙම.. ජල කප්පාදුවකුත්.. වෙලාව එක්ක ප්‍රදේශ ටික මෙන්න..(PHOTO)


එහෙත් ලංකා විදුලි මණ්ඩලය විසින් මේ වසරේ ගතවු මාස කිහිපය තුළ ලබා ඇති ලාභයට සාපේක්ෂව අඩු කිරීමට යෝජනා කර ඇති ගාස්තු ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බවට ඇතැම් පාර්ශව විසින් අදහස් පළකර තිබුණි.

රජයෙන් දෙන මුදල් සහනාධාරය ලැබුණ ද?. ප්‍රථම අදියර යටතේ රු.15,000ක් මෙන්න..

රජයෙන් දෙන මුදල් සහනාධාරය ලැබුණ ද?. ප්‍රථම අදියර යටතේ රු.15,000ක් මෙන්න..


කෙසේ වෙතත්, නව යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට ප්‍රතියෝජනාවක් සකස් කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිශන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ය.