පොදු ප්‍රවාහනයේ වෙනසක්?. ජනතාවට සුබ ආරංචියක් මෙන්න.

Report

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

පොදු ප්‍රවාහනයේ වෙනසක්?. ජනතාවට සුබ ආරංචියක් මෙන්න. | Electric Vehicles For Public Transport

ඒ පෞද්ගලික වාහනවලට ප්‍රමුඛත්වය ලබාදෙන ආකාරයටම විද්‍යුත් වාහන පොදු ප්‍රවාහනයටත් හඳුන්වාදීම පිළිබඳව ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දීමට කටයුතු කරන බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය හා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන හා සම්මේලන සංවිධානය එක්ව සංවිධානය කරන විද්‍යුත් මෝටර්රථ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවට එක්වෙමින් ය.

මෙරට පොදු ප්‍රවාහනය 80% ක දායකත්වයක් දී තිබුණත් එය 35%කට පමණ අඩු වී 65% ක් ම පෞද්ගලික වාහන භාවිතා කරමින් සිය ප්‍රවාහන අවශ්‍යතාවය සපුරාගැනීමට කටයුතු කිරීම නිසා මෙරටට අධි ඉන්ධන පිරිවැයක්, අධික අමතර කොටස් සඳහා මුදල් වෙනත් රටවලට යාම සිදු වී තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

ලංකාවම ආසාවෙන් බලන් හිටිය, වාහන ගෙන්වීම ගැන රජය එකවරම ගත්ත තීරණය මෙන්න..

ලංකාවම ආසාවෙන් බලන් හිටිය, වාහන ගෙන්වීම ගැන රජය එකවරම ගත්ත තීරණය මෙන්න..


එමෙන්ම, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය, ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන හා සම්මේලන සංවිධානය එක්ව Asia Exhibition ආයතනය සමග ප්‍රථම වතාවට ඉදිරිපත් කරන EV Motor Show විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනයේ දී විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන සහ අනාගතයේ දී ගෙන්වීමට බලාපොරොත්තු වන සියලුම විද්‍යුත් මෝටර් රථ ඒ හා සමාන තාක්ෂණය පිළිබඳව මෙහි දී සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත්, ඒ අනුව ජුනි 28,29 හා 30 දා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලාවේ දී වෙළඳ කුටි 150 කට වඩා වැඩි ප්‍රමාණයක් දායකතත්වයෙන් ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව වාර්තා වේ.