රාජ්‍ය සේවකයින් පිරිසකට විශේෂ දීමනාවක් දෙන්න යයි..එහෙම උණොත් වෙනදේ මෙන්න.

Government Employee Government Of Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Aruna Jan 03, 2025 03:51 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය ආයතන රැසකට 2024 වසරට අදාළ ප්‍රසාද දීමනා ලබාදී ඇති බැවින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් ද එම ප්‍රසාද දීමනාව හැකි ඉක්මනින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ජාතික සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා 

මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ, එම සංගමයේ ලංකා විදුලි බල මණ්ඩල ශාඛාව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වෙත ලිපියක් යොමුකරමිනුයි.

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..


ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහක් හටගෙන තිබුණි.

එලෙස කතාබහට ලක් වූයේ, ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථනයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් ඊට අදාළව සිදු කළ ඉල්ලීමත් සමගයි.

කෙසේ වෙතත්, ඔහු එසේ ප්‍රකාශ කිරීමෙන් පසු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අදාළ ප්‍රසාද දීමනාව ලබා නොදෙන බව සදහන් කරීමත් සමගය.

ඉන් අනතුරුව සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදුනහොත් ලබන වසරේ බලපෑ හැකි නියඟයකදී විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවන බවයි, රන්ජන් ජයලාල් ද සියමතය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ජාතික පුවත්පතක් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ.

සුරූපී පොලිස් කතුන් බලන්න මහ රෑ නිදන කාමර වලට ගිය පොලිස් අනංගයා මාට්ටුවෙයි..

සුරූපී පොලිස් කතුන් බලන්න මහ රෑ නිදන කාමර වලට ගිය පොලිස් අනංගයා මාට්ටුවෙයි..


මෙවන් පසුබිමක විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට 2024 වසරට අදාළ ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජාතික සේවක සංගමය අමාත්‍යවරයගෙන් යළි ඉල්ලා තිබේ.

You May Like This Video


ReeCha