වැඩ තහනම් වූ රාජ්‍ය අංශයේ පිරිසකට සතුටුදායක ආරංචියක්..වැටුප් සම්බන්ධයෙනුත් විශේෂ තීන්දුවක් ගනී.

Report

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව විරෝධතාවල නිරත වී වැඩ තහනමට ලක්ව සිටි සේවකයින් 62 දෙනකු යළිත් සේවයේ පිහිටුවීමට කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

ඒ, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ නියෝගයකට අනුව බවයි පැවසෙන්නේ.

බස් රථ රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..මේ දේ අනිවාර්යෙන් කරන්නැයි දැනුම්දෙයි.

බස් රථ රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..මේ දේ අනිවාර්යෙන් කරන්නැයි දැනුම්දෙයි.


එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත්‌තේ, ඔවුන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර පෙර සිටි සේවා ස්ථානවලම සේවයේ යෙදවීමටයි.

එමෙන්ම මාස අටක හිඟ වැටුප් ලබාදීමට පනවා තිබූ දඬුවම් සීමාව ද ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් එම සේවකයින් හට නිදහස් කිරීමේ ලිපි ලබාදීමටයි ඊයේ (24) කටයුතු කළා.

ජේසු උපත සමරන අසිරිමත් නත්තල අදයි..ජනපතිගෙන් විශේෂ පණිවුඩයක්..

ජේසු උපත සමරන අසිරිමත් නත්තල අදයි..ජනපතිගෙන් විශේෂ පණිවුඩයක්..


ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බව පවසමින් එහි වෘත්තිය සමිති පසුගිය ජනවාරි මාසයේදි විරෝධතාවල නිරත විය.

එවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිලධාරීන්ට උපදෙස්දී තිබුණේ, විදුලිය සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කර තිබියදීත්, පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරමින් රාජකාරිය සිදුකිරීමෙන් වැළකී මෙලෙස විරෝධතාවලට එක්ව සිටි සේවකයින්ට එරෙහිව පියවර ගන්නා ලෙසයි.

You May Like This Video