මැතිවරණ අපේක්ෂකයින්ගේ පෝස්ටර් පොලිසිය විසින් ඉවත් කෙරේ...
By Parami Dissanayake
පසුගිය අගෝස්තු මස 17 වැනිදා සිට මේ දක්වා කාලසීමාවේදී මැතිවරණ අපේක්ෂකයන් වෙනුවෙන් අලවා තිබූ පෝස්ටර් හය ලක්ෂ විසිහත්දාහස් තුන්සියයක් මේ වනවිට පොලිසිය විසින් ඉවත් කර තිබෙනවා.
එමෙන්ම, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කර සිටියේ, තවත් පෝස්ටර් දෙලක්ෂ හත්දහස් නවසියයක් පොලිස් භාරයට ගත් බවයි.
තව ද මිට අමතරව බැනර් 1,500ක් ඉවත් කර තවත් බැනර් 1,100ක් පොලිස් භාරයට ගෙන ඇති බව ද වාර්තා වේ.
එමෙන් ම, කටවුට් සංඛ්‍යාව 1,550ක් පොලිසිය විසින් ඉවත් කර ඇති බවත් තවත් කටවුට් 1,600ක් පොලිස් භාරයට ගෙන ඇති බවද ඔහු පවසා සිටියේ ය.
කෙසේ වෙතත්, දැන්වීම් හා පත්‍රිකා 7,600ක් ඉවත්කර තවත් දැන්වීම් හා පත්‍රිකා 10,750ක් පොලිසිය භාරයට ගෙන ඇතැයි වාර්තා වේ.