කොවිඩ් ව්‍යාප්තිය යළි ඇරඹේ...

By Parami Dissanayake Sep 18, 2024 01:42 PM GMT
Report

මේ වන විට රටවල් 27ක පමණ නව කොවිඩ් ප්‍රභේදයක් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, පෝලන්තය, නොර්වේ, ලක්සම්බර්ග්, යුක්‍රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් සාම්පල 500කම එම ප්‍රභේදය අඩංගු වූ බව වාර්තා වේ.

එමෙන් ම, එක්ස්. ඊ. සී නව කොවිඩ් ප්‍රභේදය ඩෙන්මාර්කය, ජර්මනිය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානිය වැනි රටවල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා.

මෙම නව කොරෝනා ප්‍රභේදය ප්‍රථමවරට ජර්මනියේදී හඳුනාගෙන ඇති අතර ඒ පසුගිය ජුනි මාසයයේදී බව වාර්තා වේ.