2024 මැතිවරණයට සඳහා කොමිෂන් සභාවේ රැකියා අවස්ථා. - මේ පණිවිඩය ඔබටත් ලැබුණද? - එහෙනම් පරිස්සමෙන්.

Election Commission of Sri Lanka Job Opportunity Sri Lanka Presidential Election 2024
By Wayomi Aug 11, 2024 04:33 AM GMT
Wayomi

Wayomi

Report

මේ දිනවල රට තුළ පවතින මැතිවරණ උණුසුමත් සමඟ ඇතැමුන් ඉන් අයුතු ප්‍රයෝජනය ගැනීම දක්නට ලැබෙනවා.

ඒ, අනුව සමාජයේ දැඩි අවධානයට ලක්වන නිල ආයතන වල නම් ද, අවභාවිත කරමින් ව්‍යාජ තොරතුරු පැතිරවීමත් ඒ හරහා වාසි ලබා ගැනීමත් සුලබව දක්නට ලැබෙනවා.

අනතුරු ඇඟවීමක්. - අගෝස්තු 05 සිට 29 දක්වා ලොව පුරා ඉන්ටර්නෙට් බිඳ වැටීමක්. - (VIDEO)

අනතුරු ඇඟවීමක්. - අගෝස්තු 05 සිට 29 දක්වා ලොව පුරා ඉන්ටර්නෙට් බිඳ වැටීමක්. - (VIDEO)

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)


එලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවද නොමග යවමින් ඊට සමාන වෙබ් පිටුවක් නිර්මාණය කළ පුවතක් ඊයේ වාර්තා වුණා.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.


මේ අතර ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 මැතිවරණයට එරෙහිව පවතින විවිධ පුරප්පාඩු තනතුරු පිරවීම සඳහා නව කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගන්නා ලෙස පවසමින් WhatsApp ඔස්සේ පණිවිඩයක් හවුමාරු වී තිබුනා.


“ශ්‍රී ලංකා මාණ්ඩලික බඳවා ගැනීමේ මැතිවරණ කොමිෂන් සභාව 2024

ඉදිරි 2024 මැතිවරණයට එරෙහිව පවතින විවිධ පුරප්පාඩු තනතුරු පිරවීම සඳහා නව කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව අයදුම්පත් ද්වාරයක් විවෘත කර ඇත. උනන්දුවක් දක්වන සියලුම පුරවැසියන් සඳහා අයදුම්පත නොමිලේ වන අතර රැකියා දැනටමත් ආරම්භ කර ඇත. මෙම අනගි අවස්ථාව අතපසු නොකරන්න”

2024 මැතිවරණයට සඳහා කොමිෂන් සභාවේ රැකියා අවස්ථා. - මේ පණිවිඩය ඔබටත් ලැබුණද? - එහෙනම් පරිස්සමෙන්. | Election Commission Of Sri Lanka Job

අනතුරුව මෙහි නිරවද්‍යතාව පිළිබඳ සිදු කළ විමර්ශනය කිරීමකදී අනාවරණය වී ඇත්තේ,

මැතිවරණ කොමිෂන් සභාවේ ඇති පුරප්පාඩු වල තනතුරු පිරවීම සඳහා නව කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව අයදුම්පත් කැඳවා නොමැති බවත්,

අදාල Link හරහා දත්ත යොමු කරත්, නොකරත් ඉදිරියට යෑමේදී, යොමු වන්නේ බ්ලෝග් පිටුවකට බවත්, මෙය වෙනත් කිසිදු ආයතනයක රැකියා අවස්ථාවන් නොව වෙනත් ඔන්ලයින් ක්‍රීඩාවන් සඳහා ලියාපදිංචි වීමක් සඳහා යොමු කෙරෙන බවත්ය.

2024 මැතිවරණයට සඳහා කොමිෂන් සභාවේ රැකියා අවස්ථා. - මේ පණිවිඩය ඔබටත් ලැබුණද? - එහෙනම් පරිස්සමෙන්. | Election Commission Of Sri Lanka Job

ඒ, අනුව මෙය මෙය රැකියා අවස්ථාවන් ආකාරයේ ඇති බවට පවසමින් මෙහි දක්වා ඇති බ්ලෝග් අඩවියට ගෙන්වා ගැනීම සහ වෙනත් ආකාරයේ පුද්ගලයින් තරඟ සඳහා ලියාපදිංචි කරවීම අරමුණු කර ගෙන නිර්මාණය කර ඇති ව්‍යාජ වෙබ් අඩවියක් බවට තහවුරු වී ඇත.

2024 මැතිවරණයට සඳහා කොමිෂන් සභාවේ රැකියා අවස්ථා. - මේ පණිවිඩය ඔබටත් ලැබුණද? - එහෙනම් පරිස්සමෙන්. | Election Commission Of Sri Lanka Job