රටම කම්පා වුන 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ගින්නෙන් මිය ගිය ගණන ඉහළට

Report

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ දරුණු ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් අයෙකු මියගොස් ඇත.

  ඒ් අනුව පෙරේදා (3) ඇ.තිවූ මෙම ගිනිගැනීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 13ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් 5දෙනෙකු බරපතළ තුවාල රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී මෙම වැඩිහිටි නිවාසයේ පුද්ගලයන් 72 දෙනෙකු නවාතැන් ගෙන සිට ඇති අතර, ගින්න හටගත් අවස්ථාවේදීම පුද්ගලයන් 10 දෙනෙකු ගොඩනැගිල්ල තුළදීම පිළිස්සී මියගොස් තිබුණි.   

“මම හයියෙන් කෑ ගැහැව්වා ඇදන් හිටිය ඇදිවත විතරයි අන්තිමට මට ඉතුරු - එකපාරටම ගින්නක් පත්තුවෙනවා දැකලා එළියට දිව්වා" වැඩිහිටි නිවාසයේ බිහිසුණු අනතුරට මුහුණ දුන් දයාසීලි මව

“මම හයියෙන් කෑ ගැහැව්වා ඇදන් හිටිය ඇදිවත විතරයි අන්තිමට මට ඉතුරු - එකපාරටම ගින්නක් පත්තුවෙනවා දැකලා එළියට දිව්වා" වැඩිහිටි නිවාසයේ බිහිසුණු අනතුරට මුහුණ දුන් දයාසීලි මව

ප්‍රමිතියෙන් තොර වැඩිහිටි නිවාස වසා දැමීමේ සූදානමක්

ප්‍රමිතියෙන් තොර වැඩිහිටි නිවාස වසා දැමීමේ සූදානමක්