මැයි මාසයේ මේ දීමනාව අද සිට තැපෑලට - අස්වැසුම අත්හිටුවා අයටත් කළ යුත්ත දන්වයි
2026 මැයි මාසය වෙනුවෙන් ලබා දෙන වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය දැනුම් දී ඇත්තේ අඳාළ මැයි මස වැඩිහිටි දීමනාව අද(15) සිට තැපැල් කාර්යාල ඔස්සේ ලබා ගත හැකි බවටයි.
මේ අතර වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා සඳහන් කළේ, වැඩිහිටියන් වහාම සුභසාධන ප්‍රතිලාභ කවුන්සිලයේ දත්ත ගබඩාවට ඇතුළත් කර 'අස්වැසුම' ගිණුම් හරහා ගෙවීම් ලබා දීමට පියවර ගෙන ඇති බවටයි.
එමෙන්ම වැඩිහිටි දීමනා ක්‍රම දෙකකින් ලබා දෙන බව ද ඔහු පවසා ඇත. ඒ අනුව සුභසාධන ප්‍රතිලාභ කවුන්සිලයෙන් අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල වැඩිහිටි පුද්ගලයින්ට ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම් ඔස්සේ ගෙවීමට නියමිත වේ.
කෙසේ වෙතත් අස්වැසුම ගිණුම් නොමැති හෝ ගිණුම් ගැටළු හේතුවෙන් ගෙවීම් අත්හිටුවා ඇති අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටියන්ට තැපැල් කාර්යාල ඔස්සේ අඳාළ ගෙවීම් ලබා දෙන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා ඇත.