ලෝකයටම අනතුරුදායක දරුණු තත්ත්වයක් පැසිෆික් සාගරය ආශ්‍රිතව නිර්මාණය වේ - ලංකාවට ප්‍රබල අවදානමක්

Report

පැසිෆික් සාගරය ආශ්‍රිතව හටගෙන ඇති 'එල් නිනෝ' දේශගුණික විපර්යාස තත්ත්වය මේ වන විට ආරම්භ වී දුර්වල මට්ටමක පැවතුණද, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එය වඩාත් ප්‍රබල විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගෝලීය කාලගුණ අනාවැකිවලට අනුව මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක දේශගුණික විපර්යාස ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මෙම වසරේ නොවැම්බර් මාසයේ සිට 2027 ජනවාරි දක්වා කාලය තුළ 'එල් නිනෝ' තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමක් දක්වා වර්ධනය වීමේ 63%ක සම්භාවිතාවක් පවතින ඇත.

එය ඉතා ප්‍රබල මට්ටමකට පත් නොවීමේ තුනෙන් එකක සම්භාවිතාවක් පවතින බව අමෙරිකානු සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය  පෙන්වා දී ඇත.

මෙම තත්ත්වයත් සමඟ දැනට පවතින නිරිතදිග මෝසම් වැසි අඩුවීමක් සිදුවිය හැකි වුවද, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනයට වඩා වැඩි වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බව මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.

ඒ අනුව, පවතින ජල ධාරිතාව සහ ඉදිරියේදී ලැබීමට නියමිත වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් ඉදිරි වගා කටයුතු සැලසුම් කිරීම, විදුලි බලශක්ති උත්පාදනය සහ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජලය දැඩි ලෙස කළමනාකරණය කරමින් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.'

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

මේ අතර පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසා සිටියේ, මෙම දේශගුණික තත්ත්වයට සාර්ථකව මුහුණදීම සඳහා සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ කරගනිමින් ඉදිරි සති දෙක ඇතුළත විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගන්නා බවය.

එසේම, 'එල් නිනෝ' බලපෑමෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ඉදිරි මහ කන්නයේ වගා කටයුතු නියමිත කාලයට පෙර ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා ගොවි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මට හැමදේම නැති වුණා මිස්ටර් කොත්තු අඩියටම වැටිලා - තමා සතු වටිනා දේවල් කෝටි ගානකට විකුණයි

මට හැමදේම නැති වුණා මිස්ටර් කොත්තු අඩියටම වැටිලා - තමා සතු වටිනා දේවල් කෝටි ගානකට විකුණයි