බිත්තර මිල රු. 10කින් පහතට

Report

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය බිත්තර මිල රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කළ බව එහි ලේකම් හසිත සංදීප මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (10) පඬුවස්නුවරදී පැවති මාධ්‍ය හමුවකදීය.

මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් විසින් රට තුළ පවත්වාගෙන යන “මාෆියාව” නවත්වාලීම මෙම තීරණයේ අරමුණ බව හසිත සංදීප මහතා සඳහන් කළේය.

ඉරාන තෙල් වෙළඳාමට එක්සත් ජනපදය නව සම්බාධක පැනවයි - ලංකාවත් හවුල් වෙලා..

ඉරාන තෙල් වෙළඳාමට එක්සත් ජනපදය නව සම්බාධක පැනවයි - ලංකාවත් හවුල් වෙලා..

ඔහු පෙන්වා දුන්නේ, මහා පරිමාණ නිෂ්පාදකයින් බිත්තර මිල ඉහළ දැමීමේ අරමුණින්, නිෂ්පාදිත බිත්තර මිලදී ගෙන ඒවා වෙළඳපොළට නිකුත් නොකර ගබඩා කර තබා ගනිමින්, රට තුළ බිත්තර හිඟයක් ඇති බවට ව්‍යාජ තත්ත්වයක් නිර්මාණය කරන බවයි.

මෙම “මාෆියා තත්ත්වය” හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින් කඩාවැටෙන බව පැවසූ හසිත සංදීප මහතා, ඔවුන් රැකගැනීමේ අරමුණින් මෙලෙස බිත්තර මිල පහත දැමූ බව අවධාරණය කළේය. 

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු