ගම්මාන 06ක, 100කට අධික නිවාස ගාණක් පස් වලින් වැසී ගිය දැවැන්ත ඛේදවාචකයක්..(PHOTOS)
By krishani
දුෂ්කර ගම්මාන හයකට බලපෑම් එල්ල කරමින් ඇති වූ නාය යෑමෙන් ජීවිත රැසක් අහිමි වී ගිය පුවතක් පිළිබඳව තොරතුරු පැපුවා නිව් ගිනියාවේන් වාර්තා වේ.
මෙම නාය යෑම ඊයේ (23) දින සිදු වූ අතර නිවාස 100කට වැඩි ගණනක් පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී ඇත.
මෙහිදී සිදු වී ඇති ජීවිත හානි ගණන හෝ සුන්බුන් අතර කොපමණ පිරිසක් සිරවී ඇති ද යන්න නිශ්චිතවම තවමත් ප්‍රකාශ කළ නොහැකි බවට තොරතුරු වාර්තා වේ.
මෙම නායයෑම සිදු වූ Enga නම් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා මාධ්‍යයට පවසා ඇත්තේ මෙය මීට පෙර සිදුනොවූ ස්වභාවික ව්‍යවසනයක් බවය.

පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)
කෙසේ වෙතත්, පැපුවා නිව් ගිනියාවේ අග්‍රාමාත්‍ය James Marape සඳහන් කර ඇත්තේ, මළ සිරුරු ගොඩ ගැනීම සඳහා අවශ්‍ය සහන සේවා සැපයීමට සහ යටිතල පහසුකම් සඳහා අදාළ ස්ථානයට ආපදා නිලධාරීන් යොමු කර ඇති බවය.