A/L වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කරගැනීම ඇරඹේ

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education Sinhala news
By Akash May 19, 2025 05:20 AM GMT
Akash

Akash

Report

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

විපක්ෂයේ කුඩු සල්ලි බෙදා ඡන්ද ගත් අය ගැන විමර්ශන

විපක්ෂයේ කුඩු සල්ලි බෙදා ඡන්ද ගත් අය ගැන විමර්ශන

මෙම විෂය ධාරාව හැදෑරීමට අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බවයි වාර්තා වන්නේ. වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 13 ශ්‍රේණියේදී වෘත්තීය විෂයන් 28 ක් අතරින් එකක් තෝරාගෙන ජාතික වෘත්තීය සුදුසුකම හෙවත් NVQ 04 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට අවස්ථාව ලැබෙන බවයි සඳහන් වෙන්නේ.

Child psycology and Care, Event Management, Interior Designing, Graphic Designing, Automobile ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විෂයයන් 28 ක් මෙම විෂය ධාරාව යටතේ ඉගැන්වීමට නියමිතයි.

පාන් බනිස් වලටත් පහරක් මෙන්න

පාන් බනිස් වලටත් පහරක් මෙන්න

මෙම වෘත්තීය විෂය ධාරාව දිවයින පුරා පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවත් එම පාසල් ලැයිස්තුව මෙතැනින් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශ්‍යය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.


Gallery
ReeCha