පාරිභෝකයින්ට සුභ ආරංචියක්
By Hashan
මේ වන විට වෙළදපොළෙහි පවතින බිත්තර වල මිල අඩු වීමක් දැක ගත හැකි බව පාරිභෝකයින් පවසා සිටිනවා .
ඒ අනුව රු.20 සිට රු.24 දක්වා මිල ගණන් කිහිපයකට බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි කෙරෙන බවයි වාර්තා වී ඇත්තේ. කෙසේ වෙතත් අලුත් අවුරුදු උත්සව සමයේ බිත්තර වල අධික මිල ගණන් වාර්තා වුවත් පසුගිය දිනවල එම මිල රු 26 සහ 28 වැනි මිලක පැවතියා.
පාරිභෝකයින් පවතින රජයෙන් ඉල්ලා සිටින්නේ තව දුරටත් බිත්තර මිල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් අඩු කරන ලෙසයි.
මේ අනූව බිත්තර මිල කලකට පසුව මෙතරම් පහළ ගොස් තිබෙන බවයි වෙළඳපොල ආරංචි මාර්ග පවසන්නේ.