''නැගෙනහිර පළාතේ අනාරක්ෂිත දරුවන් 5641 දෙනෙක් හදුන ගත්තා '' නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියයි
මේ වන විට නැගෙනහිර පළාතේ අනාරක්ෂිත දරුවන් 5641 දෙනෙකු හඳුනාගෙන ඇති බව නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර සදහන් මහතා කර ඇත .
තවද එතුමා සදහන් කළේ නැගෙනහිර පළාතේ 2024 වසරේ දී පමණක් ළමුන් 304 දෙනකු විවිධ අපයෝජනයන්ට හා අපචාරයන්ට ලක් වී ඇති බවයි.
එලෙස තෝරා ගත් අනාරක්ෂිත දරුවන්ට පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් එතුමා මේ බව ප්‍රකාශ කර තිබේ.
එම අවස්තාවේදී මෙහිදී පාසල් උපකරණ ලබාදුන් වාද්දුව මධ්‍ය ජාතික පාසලේ ආචාර්ය පූජ්‍ය ගම්මන විජය ධම්ම හිමි මෙන්ම ත්‍රිකුණාමලය දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ඩී.එම්.යූ. මහින්ද දිසානායක මහතාද අදහස් දක්වා තිබේ .
මේ අනුව අනාරක්ෂිත දරුවන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් ඉකුත් ජුනි 12 වෙනිදා ආරම්භ කළ බවයි.
තවද නැගෙනහිර පළාත හදුනාගත් පරිදි විවිධ අතවරයන්ට ලක්වන දරුවන්ගෙන් සියයට අසූවක් අනාරක්ෂිත දරුවන් බවත් එතුමා
සදහන් කර තිබේ .
ඒ වගේම නැගෙනහිර පළාතේ අනාරක්ෂිත දරුවන් සුරක්ෂිත කිරීමේ මෙම වැඩසටහන "සරෝජා" නමින් හඳුන්වාදී ඇත.
එම දරුවන්ට පාසල් උපකරණ ලබාදීම පොලිස් සේවා වනිතා ඒකකය මගින් ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී සිදුවිය.
තවද පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීතිඥ නිල්මිණි නීටා සමරතුංගගේ ප්‍රධානත්වයෙන් මෙම පාසල් උපකරණ බෙදාදීම සිදු කරන ලදි.
මෙම ව්‍යාපෘතිය ආරම්භට පෙර ළමුන් නවසිය දොළහක් හඳුනගෙන තිබු බවත්, නමුත් මේ වන විට ළමුන් 5641 දෙනෙක් සරෝජා වැඩසටහනට අනුව සොයාගෙන ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් අදහස් දක්වාමින් ප්‍රකාශ කර තිබේ.