තායිවානයේ භූමිකම්පාවෙන් හානි වූ යටිතල පහසුකම් සංවර්ධනයට අරමුදල්...
By Gagana
පසුගියදා තායිවානයේ සිදු වූ භූමි කම්පාවෙන් හානියට පත්වූ යටිතල පහසුකම් නැවත යථා තත්ත්වයට පත් කිරීම් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 878ක් එරට රජය විසින් අනුමත කර ඇති බව වාර්තා වෙනවා .
පසුගිය 03 වනදා රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් හටගත් අතර ඉන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 1100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණා.
එමෙන් ම,විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ භූමි කම්පාවෙන් උමං මාර්ගවලට හානි සිදුවූ අතර ගොඩනැගිලි රැසක්ද හානියට පත්වූ බව ය.
ඒ අනුව එම යටිතල පහසුකම් යථාවත් කිරීම සඳහා තායිවාන බලධාරීන් විසින් මෙලෙස අරමුදල් අනුමත කර තිබෙනවා.