යේමනයට පස්සේ ඇෆ්ගනිස්ථානයටත් ප්‍රබල භූකම්පනයක්

Report

ඇෆ්ගනිස්ථානයට රික්ටර් මාපක 5.3ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබේ.

අද ඉන්දියානු වේලාවෙන් උදෑසන 6:59ට පමණ මෙම භූකම්පනය සිදු වූ බව ඉන්දියාවේ ජාතික භූකම්පනවිද්‍යා මධ්‍යස්ථානය පවසයි. මෙම භූමිකම්පාව අස්තානා වේලාවෙන් අද උදෑසන 6:29ට (GMT වේලාවෙන් අලුයම 1:29ට) සිදුව තිබේ.

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය උතුරු අක්ෂාංශ අංශක 36.46 සහ නැගෙනහිර දේශාංශ අංශක 68.51 අතර පිහිටා තිබූ අතර, එය පොළොව මතුපිට සිට කිලෝමීටර් 18ක් පමණ ගැඹුරකින් හටගෙන ඇත.

භූමිකම්පාවේ ශක්ති මට්ටම 13.2ක් ලෙස සටහන් වී තිබේ.

මේ අතර, විදෙස් පුවත් මීට පෙර වාර්තා කර තිබුණේ, සඳුදා දිනයේදී යේමනයේ කිල්මියා (Kilmia) ප්‍රදේශයට කිලෝමීටර් 155ක් උතුරු-වයඹ දෙසින් මැග්නිටියුඩ් 4.8ක භූමිකම්පාවක් සිදුව ඇති බවයි.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න