රිච්ටර් මාපක 7.0 ප්‍රබල භූමිකම්පාවක්..සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි..හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.
By Aruna
කැලිෆෝනියාවේ රිච්ටර් මාපක 7.0 ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය සඳහන්කර සිටින්නේ, භූමිකම්පාවේ අපිකේන්ද්‍රය වෙරළබඩ නගරයක් වන ෆර්න්ඩේල්ට කිලෝමීටර් 68 ක් පමණ ඔබ්බෙන් ඇතිව ඇති බවයි.

කථානායක ඉල්ලා අස්විය යුතුයි..නැතිනම් නෙරපා දැමිය යුතු ය..මාලිමාවේම ප්‍රබල මහාචාර්යවරයෙක් ප්‍රසිද්ධියේ කියූ දේ මෙන්න.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මුලින් කැලිෆෝනියා සහ ඔරිගන් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ නමුත් ටික වේලාවකට පසු එම නිවේදනය අවලංගුකර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හුම්බෝල්ට් ප්‍රාන්තයේ විදුලිය ඇනහිටීම් 10,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇතත් එහි සැලකිය යුතු හානියක් වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය පවසයි.
විපතටපත් ප්‍රදේශ සඳහා වැඩි සම්පත් සැපයීම සඳහා කැලිෆෝනියා ආණ්ඩුකාර Gavin Newsom හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
You May Like This Video