වීසා ගැටලුවට අලුත්ම තීරණයක්..!

Vijitha Herath Sri Lanka visa Tourist Visa Latest Headlines Visa-Free Entry
By Sewvandhi Nov 20, 2024 04:04 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ අවධානය ,යම් යම් පාර්ශ්ව මැදිහත් වී දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා වන E-8 වීසා යටතේ අනුමත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් එම රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් අපහසුතාවයට පත්වීම පිළිබඳව යොමුවී තිබේ.

ඒ අනුව අද (20) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයට පැමිණි අමාත්‍යවරයා, කාර්යාංශයේ ඉහළ නිලධාරීන් හා අදාළ ශ්‍රමිකයින් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

අමාත්‍යවරයා එහිදී තීරණය කර ඇත්තේ, දකුණු කොරියාවේ E-8 වීසා ක්‍රමය යටතේ ශ්‍රමිකයන් යොමු කිරීම පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරමින් ඊට අදාළ නීතිමය තත්ත්වය සොයාබලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමටයි.

මෙම විශේෂ සාකච්ඡාවට කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ‚ සාමාන්‍යාධිකාරි D.D.P. සේනානායක යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගි වී

You may like this 

තිබුණි.

ReeCha