ඉන්දුනීසියාවේ ඩුකෝනෝ ගිනිකන්ද සක්‍රිය වෙයි - අතුරුදන් වූ 20 න් තිදෙනෙක් ජීවිතක්ෂයට
By Kaushi
ඉන්දුනීසියාවේ ‘ඩුකෝනෝ‘ ගිනිකන්ද සක්‍රිය වීමෙන් කඳු තරණය කරන්නන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව අද (08) දින පෙරවරුවේ ගිනි කන්ද සක්‍රිය වීමත් සමඟ කන්ද තරණය කරමින් සිටි 20දෙනෙකුට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී තිදෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ 15දෙනෙකු සහන සේවකයින් විසින් මුදාගෙන රෝහල් ගත කර ඇති බව සඳහන්.
එමෙන්ම කඳු තරණය කළ පිරිස අතර සිංගප්පූරු ජාතිකයින් 09දෙනෙකු ද වන බව වාර්තා වේ.
කෙසේ වෙතත් බලධාරීන් පවසන්නේ ගිනිකන්ද සක්‍රිය වීම සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නොසලකමින් ඔවුන් මෙසේ කඳු තරණය කිරීමට එක්ව ඇති බවයි.
කඳු තරණය කරන්නන් හා සංචාරකයින් අතර ප්‍රචලිත ‘ඩුකෝනෝ ගිනි කන්ද‘ ඉන්දුනීසියාවේ වඩාත් සක්‍රිය ගිනි කන්දක් වශයෙන් සැලකේ.