ඩඩ්ලිගේ දුව ඇය කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට සියලු කාන්තාවන්ගෙන් සමාව අයදියි - මෙන්න හේතුව

Report

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත්ත වීඩියෝ පටයක් සංසරණය වේ.

එහි අන්තර්ගත වනුයේ ඩඩ්ලිගේ දියණිය වන මුතූ රාජපුත්‍ර විසින් සිදු කෙරූ ප්‍රකාශයකි.

ඇය එහි සදහන් කර තිබෙනුවේ,

කොයි වෙලාවකවත් එහෙම පිරිමියෙක් වුවමනාවක් තිබ්බත් ගෑනියෙක්ගෙ එක බැල්මක් ඇඳුමකින් හරි සිග්නල් එකක් නැත්නම් කිසිම පිරිමියෙක්ගෙන් ගෑනියෙකුට කරදරයක් නැහැ.අපි දෙන සිග්නල් වලින්මයි අපි එතෙන්ට වැටෙන්නේ."

යනුවෙන් ප්‍රකාශයක් ඇය ඉදිරිපත් කර තිබුණි.

එහිදී බොහෝ පිරිමින්ගේ හිංසාවට පීඩාවට ලක් වූ කාන්තා පාර්ශවය ඇයට විරුද්ධව විවිධ මතවාදයන් ඉදිරිපත් කර තිබුණි. ඇයට සමාජ මාධ්‍ය හරහාද දැඩි විරෝධයක් එල්ල වූ බැවින් ඇය සමාජ මාධ්‍ය ගිණුමට ඒ සම්බන්ධයෙන් සටහනක් එක් කොට තිබුණි.

එහිදී ඇය සඳහන් කර තිබුණේ යම්කිසි ආකාරයකින් ඇය වැරදි දෙයක් ප්‍රකාශ කළේ නම් ඒ සියලු දේට ඇයට සමාවන ලෙසයි. එම සටහන පහතින් උපුටා දක්වා ඇත.

නව වෘත්තිය විෂයක් හඳුන්වා දීමට පියවර

නව වෘත්තිය විෂයක් හඳුන්වා දීමට පියවර

'පසුගිය දින තුල සමාජ මාද්‍ය ජාලා තුල විශාල කතිකාවතක් ඇති කරමින් යන මා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යව ඇති පසුබිමක මේ සටහන ඔබ වෙනුවෙන් ලිවීමට තීරණය කලෙමි. ප්‍රථමයෙන්ම මා ඔබට දැනුම් දෙන්න කැමතී කිසිදු ලෙසකින් මා කාන්තාවන් අපහසුතාවට පත්කරන ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු නොවූ බව සහ මා ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වූ අදහස සහ එම වීඩියෝ පටය තුලින් ගම්‍ය වී ඇති අදහස සම්පූර්ණයෙන්ම වෙනස් අන්ත දෙකක් බව. ඒ තුලින් සාමාන්‍ය ජන ජීවිතයේ ඉතා අසීරු ජීවන අරගලයක නිරතව සිටින එකඳු කාන්තාවක් හෝ අපහසුතාවට පත්වූවානම් ඒ වෙනුවෙන් මා අවංකවම මාගේ කණගාටුව පල කරනවා.

එම වැඩසටහන පටිගත කල දවසේදි විව්ධ මාතෘකා කීපයක් සම්බන්ධව අපි අපේ අදහස් හුවමාරු කරගනිමින් සිටියා. එහිදී අපි අතර වුන කතාබහට මාතෘකා වුනේ අසහනකාරී පිරිමින් හෝ දූෂකයන් නෙවේ. එවැනි අසහනකාරී හැඟීම් ඇති පිරිමින් ආරක්ෂා කිරීම හෝ සාධාරණීකරණය සඳහා එකදු වචනයක් හෝ වැයකිරීම මා කිසිම හේතුවක් මත කවමදාවත් කරන්න හිතන්නෙවත් නැති දෙයක්.

එහිදී මාතෘකා වුනේ එවැනි බලහත්කාරී තත්වයන් නොවන, නමුත් ගැටලු ඇතිකරවන කිසිඳු සාදාරන හේතුවක් නොමැති සම්බන්ධතා ගොඩනගාගැනීම් ගැන. ඒ අවස්ථාවේදී මා කරගෙන යන ව්‍යාපාර තුල හෝ ජීවත් වන සමාජය තුලින් මා ලබා ඇති අත්දැකීම් අනුව මෙවැනි සම්බන්ධතාවලට එකඟත්වය පල කරන කාන්තා හැසිරීම් පිළිබඳ ඒ ප්‍රකාශය මා සිදු කලා. මෙම වීඩියෝ පටය සංස්කරනය කිරීමේදී කෙසේ හෝ මේ සියලු අදහස් එකම පෙලකට සංස්කරනය කර තිබෙනවා සහ එම සංස්කරණය කල වීඩියෝව අවසානයේ අප විසින් අනුමත කිරීමක් නොකර පල කිරීමට ඉඩ සලසා දීමෙන් ඉතාම කණගාටුදායක පණිවිඩයක් සමාජගත වී තිබෙනවා.

මගේ පියා ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුවත් කිසිදිනෙක මගේ දෙමාපියන් අපිව දුක නොහඳුනන වටිනාකම් නොහඳුනන පුද්ගලයන් ලෙස ඇති දැඩි කලේ නෑ. ඒ වගේම අපේ පවුල් පසුබිම එක රැයින් මුදල් ඉපයූ පසුබිමක් ද නෙවේ. අපේ දෙමාපියන් ජීවිතේ ගොඩනැගු හැටි අපි සියැසින් දැක තිබෙනවා.

වාහන පදින ඔබට සුභ ආරංචියක් ලබන මාසෙන් ආරම්භයි

වාහන පදින ඔබට සුභ ආරංචියක් ලබන මාසෙන් ආරම්භයි

අපි ඉතා හොඳින් මිනිස් ජීවිතයේ අරගල හඳුනනවා. දියණියන් දෙදෙනෙක් සිටින මවක් හැටියට සහ කාන්තාවක් හැටියට මට ඉතාමත් කණගාටුයි මම කිසිසේත් කරන්න බලාපොරොත්තු නොවුන විදියෙ ප්‍රකාශයක් ජනගත වීම පිලිබඳව. මා පෞද්ගලිකව ඕනෑම මිතුරියකට , කාන්තාවකට, දියණියකට ඕනෑම ආකාරයේ සහයක් අවශ්‍ය ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින අයෙක් බව මා දන්නා හඳුනන බොහෝ දෙනෙක් දන්න කරුණක්.

අදත් හෙටත් ඔබට මාගෙන් කාන්තාවක් ලෙස වචනයකින් හෝ සහයක් , සහනයක් අවශ්‍ය ඕනෑම මොහොතක ඔබට මා සම්බන්ධ කරගන්න පුලුවන්! අවසන් වශයෙන්, එක වීඩියෝ පටයකින් එක අතපසුවීමකින් මා ගැන නිගමනයකට නොඑන ලෙස මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. Muthu Rajaputhra'