නව වෘත්තිය විෂයක් හඳුන්වා දීමට පියවර
බස්නාහිර පළාත තුළ කසළ කළමණාකරණය නව වෘත්තිය විෂයක් ලෙස හඳුන්වාදීම පිළිබඳ සාකච්ඡා කර ඇත.
මේ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් රැස්වූ බස්නාහිර පළාත් කසළ කළමණාකරණ විශේෂ අනුකමිටුවේ අවධානයට ලක්ව තිබේ.
මෙම රැස්වීමේදී ගෘහස්ත, ආයතනික, ව්‍යාපාරික හා වීථි මට්ටමින් බැහැරවන ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ වර්තමාන තත්ත්වය සවිස්තරව අවධානයට ගෙන තිබුණි.
වෘත්තිය අධ්‍යාපන අංශය සමඟ සමීප සහයෝගයෙන් කසළ කළමනාකරණය නව වෘත්තිය විෂයක් ලෙස හඳුන්වා දෙමින් සමාජ අවබෝධය වර්ධනය කර රැකියා අවස්ථා පවත්න කරගැනීමට හැකි බවද මෙහිදී සඳහන් කලේය.