කාවන්තිස්ස ඇතා බේරාගන්න ඕනෑම දේකට මම ලෑස්තියි - ඩඩ්ලි සිරිසේනගෙන් වනජීවී බලධාරීන්ට හදිසි ඉල්ලීමක්

Report

අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ‘කාවන්තිස්ස’ ඇතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා විශේෂඥ පශු වෛද්‍ය කණ්ඩායම් අඛණ්ඩව ප්‍රතිකාර සිදුකරන බැවින්, එම කටයුතුවලට බාධා නොවන පරිදි නිහඬ හා සන්සුන් පරිසරයක් පවත්වා ගැනීමට සහාය වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. සි

යඹලන්ගමුව වනජීවී කලාපයට අයත් ප්‍රදේශයක කුඹුරක ඇද වැටී සිටින කාවන්තිස්ස ඇතා, ඊයේ දිනයේදී ප්‍රතිකාර ලබමින් සිටි ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව යළිත් ඇද වැටී ඇති බව වාර්තා වේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ පශු වෛද්‍ය කණ්ඩායම් ඇතාගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින් පැය 24 පුරා ප්‍රතිකාර කටයුතුවල නිරතව සිටිති. ඇතාගේ කායික තත්ත්වය ස්ථාවර කිරීම සඳහා සේලයින් සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබාදෙමින් ප්‍රතිකාර සිදුකරන බව ද සඳහන් වේ.

රුපියල යළි නැගිටියි - ප්‍රධාන බැංකුවල ඩොලරයේ අලුත්ම විනිමය අනුපාත මෙන්න

රුපියල යළි නැගිටියි - ප්‍රධාන බැංකුවල ඩොලරයේ අලුත්ම විනිමය අනුපාත මෙන්න

මෙවැනි අසාධ්‍ය තත්ත්වයක් යටතේ ඇතාට අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීම සඳහා සුදුසු පරිසරයක් පවත්වා ගැනීම අතිශය වැදගත් බව පෙන්වා දී තිබේ.

රතිකාර කටයුතුවලට බාධා නොකරන්නැයි ඉල්ලීමක් කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර සිදුකරන ස්ථානය අවට විශාල පිරිසක් රැස්වීම හේතුවෙන් සත්වයාට මානසික ආතතියක් ඇතිවීමේ අවදානමක් පවතින බව පෙන්වා දී ඇත.

එමෙන්ම, ජනතාවගේ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් පශු වෛද්‍ය කණ්ඩායම්වලට සිය රාජකාරි නිසි පරිදි ඉටු කිරීමට ද බාධා ඇතිවිය හැකිය. ඒ අනුව, ප්‍රතිකාර සිදුකරන ප්‍රදේශයට අනවශ්‍ය ලෙස ඇතුළු වීමෙන් සහ එම ස්ථානය අවට රැස්වීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, ඇතාට බියක් හෝ කලබලයක් ඇතිවිය හැකි බැවින් ශබ්ද නැගීමෙන් සහ එම ප්‍රදේශයට ඉහළින් ඩ්‍රෝන කැමරා පියාසර කිරීමෙන් ද වළකින ලෙස දැනුම් දී තිබේ.

කාවන්තිස්ස ඇතාට අවශ්‍ය නිහඬ හා සන්සුන් පරිසරය සලසා දෙමින්, විශේෂඥ පශු වෛද්‍ය කණ්ඩායම්වලට බාධාවකින් තොරව ප්‍රතිකාර කටයුතු සිදුකිරීමට ඉඩ ලබාදීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කර ඇත

ඒ අනුව, ඇතාගේ ජීවිතය බේරා ගැනීමේ ප්‍රයත්නයට සහාය වීම සඳහා වගකීමෙන් කටයුතු කරමින් අදාළ උපදෙස් පිළිපදින ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

දින කිහිපයක් තිස්සේ පශු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින කාවන්තිස්ස ඇතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා අවශ්‍ය අමතර සහාය කඩිනමින් ලබාගන්නා ලෙස ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා වනජීවී බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇතා කුඹුරක වැතිර සිටින බවට වාර්තා වීමත් සමඟ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමාජයේ දැඩි අවධානයක් යොමුව ඇති පසුබිමක මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රශ්න කර ඇත්තේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ දැනට ප්‍රතිකාර සිදුකරන පශු වෛද්‍ය කණ්ඩායම්වලට අවශ්‍ය අමතර සහාය නොමැතිව මෙම තත්ත්වය සාර්ථකව කළමනාකරණය කළ හැකිද යන්නයි.

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

කාවන්තිස්ස ඇතා බේරා ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට තමන් සූදානම් බව ද ඔහු සඳහන් කර තිබේ.

ඒ අනුව, ඇතාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සහාය කුමක්දැයි කඩිනමින් හඳුනාගෙන ඒ සඳහා පියවර ගන්නා ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

මේ අතර, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ මහතා කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඉදිරි ප්‍රතිකාර සැලැස්ම සමාලෝචනය කිරීම සඳහා මෑතකදී හදිසි පරීක්ෂණයක් පවත්වා තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් ඇතාගේ ප්‍රතිකාර කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි.

එමෙන්ම, අතිරේක පශු වෛද්‍ය සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

රාත්‍රී කාලයේදී ඇතාගේ චලනයන් නිරීක්ෂණය කිරීම සඳහා තාප සංවේදී ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීම සහ අවශ්‍ය වුවහොත් හදිසි සහාය ලබාගැනීම සඳහා සන්නද්ධ හමුදාවන් සමඟ සම්බන්ධීකරණය කිරීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

හදිසි මැදිහත්වීමක් අවශ්‍ය වන අවස්ථාවකදී සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් යෙදවීමේ හැකියාව ද සලකා බැලේ. ඒ සඳහා එසවුම් උපකරණ සහ බර යන්ත්‍රෝපකරණ ඇතුළු විශේෂිත උපකරණ භාවිත කිරීමේ සැලසුම් ද පවතී.

මේ අතර, කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ප්‍රතිකාරවල ප්‍රගතිය පිළිබඳව බලධාරීන් දිනපතා සමාලෝචනය කරමින් සිටින බව සඳහන් වේ.

ඇතාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා පවතින වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව පවත්වාගෙන යාමත්, අවශ්‍ය අමතර සම්පත් සහ විශේෂඥ සහාය කඩිනමින් සපයා ගැනීමත් මේ වන විට ප්‍රමුඛ අවධානයට ලක්ව තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගය හිමි වූ නම් ලයිස්තුව මෙන්න

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගය හිමි වූ නම් ලයිස්තුව මෙන්න