මේ අයට ඩඩ්ලිගෙන් රුපියල් ලක්ෂ 100ක පරිත්‍යාගයක්
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය විසින් වකුගඩු රෝගීන්ට ලබාදෙන රෝගී සත්කාර වැඩසටහන් වර්ධනය කිරීමේ උදාරතර අරමුණින්, අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා රුපියල් ලක්ෂ 100ක මූල්‍ය තිළිණයක් සංගමයට ප්රදානය කිරීමට නියමිත වේ.
මෙම උත්සවය ජනවාරි මස 03 වන දින පෙරවරු 10.00 ට කොළඹ 07 පිහිටි මහවැලි කේන්ද්‍රීය රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
උත්සවයේදී වකුගඩු රෝගීන්ට සත්කාර ලබාදීමේ වැඩසටහන් පිළිබඳව තොරතුරු ද, එම මූල්‍ය දායකත්වයෙන් සිදුකරන ව්‍යාපෘති පිළිබඳවද පැහැදිලි කිරීම සිදු කෙරේ.
මෙම උත්සවයට මහා සංඝරත්නය, විවිධ ආගමික නායකයින්, කලාකරුවන්, වෛද්‍යවරුන් සහ විද්වතුන් රැසක් සහභාගී වීමට නියමිතය.