මුළු රටේම ජනතාවගේ බඩගින්න වෙනුවෙන් හමුදාව යොදවන්නැයි ප්‍රබලයෙකුගෙන් ඉල්ලීමක්..

Report

ජනාධිපති අනුර දිසානායක මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි සහල් මිල පවත්වාගෙන යාමට සියලු සහල් මෝල් හිමියන් එක වූ වූ බව අරලිය සහල් ව්‍යාපාරය අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර සිටිනවා.

තව පැය 48ක් තුළ මේ දේ නොකළොත් රාජ්‍ය සේවකයින් පිරිසකගේ විශේෂ දීමනාවක් අහිමි වෙයි..

තව පැය 48ක් තුළ මේ දේ නොකළොත් රාජ්‍ය සේවකයින් පිරිසකගේ විශේෂ දීමනාවක් අහිමි වෙයි..


ඒ අනුව එළඹෙන කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් එම මට්ටමේම සහල් මිල පවත්වාගෙන යාමට යාමට කටයුතු කරන බවත් ඊට වඩා වැඩි මිලකට සහල් මිලට නොගන්නා ලෙස වෙළදුන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා අවධාරණය කළේ ය.

ඩඩ්ලි සිරිසේන මහතා වැඩි දුරටත් කියා සිටියේ, මෙම ක‍්‍රියාමාර්ගයෙන්ද සහල් මිල පාලනය කළ නොහැකි නම් ත්‍රිවිධ හමුදාව යොදවන ලෙසද තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

ඉදිරි පැය 48 කාලගුණය යළි වෙනස් වෙයි..ප්‍රදේශ කිහිපයක ජනතාව අවධානයෙන් ඉන්න.

ඉදිරි පැය 48 කාලගුණය යළි වෙනස් වෙයි..ප්‍රදේශ කිහිපයක ජනතාව අවධානයෙන් ඉන්න.


මේ අතර පොලොන්නරුව ප්‍රදේශයෙ සහල් මෝල් අද දිනයේ විශේෂ පරීක්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහිදී පවතින සහල් තොග පිළිබඳව වාර්තා ලබා ගැනීමට නියමිතයි.

එම මෝල් වලින් දෛනිකව නිකුත් කරන සහල් තොග පිළිබඳව දෛනිකව වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළේ.

You May Like This Video