ලොකු පැටීගේ ගෝලයෝ දෙන්නෙක් මාට්ටු
ඩුබායි රාජ්‍යයේ සැගව සිටිමින් මත්කුඩු ජාවාරම් කරන බව කියන ලොකු පැටීගේ ගෝලයන් දෙදෙනකු ජාවාරම් මුදල් ලක්ෂ 26ක් සහ හෙරොයින් මත්කුඩු තොගයක් සමග අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මන්හන්දිය සහ ඉදුරුව ප්‍රදේශයේ පදිංචි 24 සහ 27 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බව වාර්තා වේ.
මිට අමතරව සැකකරුවන් පරීක්ෂා කර ඔවුන්ගෙන් හෙරොයින් මත්කුඩු 11g 500mg ක් සහ රුපියල් ලක්ෂ 26ක මුදලක්, ජාවාරම සදහා යොදාගත් යතුරුපැදිය සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට සුදානම්ව ඇත.