මධ්‍යම කඳුකර ජලාශවල ජලය අඩුවෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තව දුරටත් සීඝ්රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පවසනවා.
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අද (08) දින අලුයම 6 වන විට, අඩි 47ක් දක්වාද, කාසල්රී ජලාශයේ ජල මට්ටම අඩි 43.8ක් දක්වා පහළ බැස ඇති බවයි එම ඉංජිනේරුවන් කියා සිටියේ.
ජලාශ දෙකේම ජල මට්ටම සීඝ්‍ර යෙන් පහළ බැසීම හේතුවෙන් ජලාශය ඉදිරි කිරීමෙදී මතු වූ නටඹුන් රැසක් සහ දූපත් රැසක් යළි මතුවෙමින් පවතිනවා.
එම ජලාශ දෙකෙන්ම ලබා ගන්නා ජලයෙන් විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂාපන, කැනියොන්, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලිය උත්පාදනය කරනු ලබයි. එම ජලාශ දෙකෙන්ම ලබා ගන්න ජලයේ විදුලි උත්පාදනයෙන් පසු එම ජලය කැළණි ගඟට මුදා හරිනු ලබයි.