අම්බලන්ගොඩ පොලීසියේ සිදුවීමට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්

Report

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ බව කියන ආන්දෝලනාත්මක සිද්ධියට අදාළව සැකකරු අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිස් ස්ථානයෙන් ස්ථානමාරු කර තිබේ.

අත්අඩංගුවේ පසුවන තම පියාට පොලිස් නිලධාරීන් පහරදී ඇති බව පවසමින් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වෙමින් පවතී.

රෝහලක දරුණු ගින්නක් - බිලිඳුන් 15ක් මරුට

රෝහලක දරුණු ගින්නක් - බිලිඳුන් 15ක් මරුට

පොලීසිය සඳහන් කළේ අදාළ වීඩියෝවේ දැක්වෙන වියපත් පුද්ගලයා පසුගිය 24 වනදා රාත්‍රියේ බීමත්ව අශෝභන ලෙස මාර්ගයේ හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පලායාමට උත්සාහ කිරීමේදී ඇදවැටීමෙන් ඔහුට තුවාල සිදුවූ බව පොලීසිය පවසයි. අදාළ පුද්ගලයා අඟහරුවාදා (25) බලපිටිය රෝහලට ඇතුළත් කර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැනුම්දීමක්

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පරිබාහිර උසස් පොලිස් නිලධාරියෙකු විසින් එම පරීක්ෂණ මෙහෙයවනු ලබයි. විමර්ශන වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි පියවර ගන්නා බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.