කුකුල් මස් නිසා වුණු ඇබැද්දිය

By Zara Mar 04, 2025 06:31 PM GMT
Report

බීමත් තරුණයින් පිරිසක් කුකුල් මස් ඉල්ලා නිර්මාංශ ආපන ශාලාවකට බීමතින් ඇතුලු වී ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.

කුකුල් මස් නැතැයි කී හේතුවට කේන්තියෙන් බිමත් තරුණයින් ආපන ශාලාවට පහර දී (03) දා අලාභ හානි සිදු කොට තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිදුවීම වාර්තා වුයේ වවුනියාව නගරයේ පිහිටි ආපන ශාලාවකිනි.

මේ අවස්ථාවේදී එහි කළමනාකාරවරයා වවුනියාව පොලිසියට සිද්ධිය දැණුම් දීමත් සමඟම තරුණයින් පිරිස පලා ගොස් තිබෙන බව පැවසෙනවා.

නමුත් එක් සකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයාගෙන් පොලිසිය ප්‍රශ්න කරගෙන යන අතර ඒ ඔස්සේ මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

නෑ කිව්වට මේ ආණ්ඩුවත් පළිගන්නවා - විපක්ෂනායක

නෑ කිව්වට මේ ආණ්ඩුවත් පළිගන්නවා - විපක්ෂනායක

දැවැන්ත වැඩ වර්ජනයකට සූදානම් වන රජයේ සේවකයන්

දැවැන්ත වැඩ වර්ජනයකට සූදානම් වන රජයේ සේවකයන්