දැවැන්ත වැඩ වර්ජනයකට සූදානම් වන රජයේ සේවකයන්

Government Employee Sri Lanka Strike Sri Lanka
By Gagana News Mar 04, 2025 12:54 PM GMT
Gagana News

Gagana News

Report

උද්ගතව පවතින රාජ්‍ය සේවක වැටුප් විෂමතා නිවැරදි කිරීමට කඩිනම් පියවර නොගතහොත් අප්‍රේල් මාසයේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට රාජ්‍ය සේවකයන් රජයට අනතුරු අඟවයි. මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු සුමිත් කොඩිකාර කියා සිටියේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් තෙවරක් දැනුවත් කළද මේ දක්වා කිසිදු හෝ පිළිතුරක් නොලද බවය.

“දිවයින පුරා රාජ්‍ය සේවා වෘත්තීය සංගම් 50 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ලක්ෂ 05කට අධික රාජ්‍ය සේවකයෝ වෘත්තීය සමිති මධ්‍යස්ථානය සමග අත්වැල් බැඳගෙන ඉන්නවා.

රාජ්‍ය සේවකයෝ සියයට අසූවක් පමණ වත්මන් රජය බලයට පත් කිරීම සඳහා විශාල කැපවීමක් කළා.

ඒ බව තැපැල් ඡන්ද ප්‍රතිපලයෙන් පැහැදිලි වුණා. නමුත් මෙවර අයවැයෙන් ඒ රාජ්‍ය සේවකයන් සියලු දෙනාගේ බලාපොරොත්තු බොඳ වෙලා දැඩි කලකිරීමකට පත්වුණා.

එදා රනිල් වික්‍රමසිංහගේ රජය සමයේ ඉහළ නිලධාරීන්ට වැඩි කළ රුපියල් 25000 අපට ලබා ගැනීම සඳහා රාජ්‍ය සේවකයෝ විශාල අරගලයක් කළා. ඊට පස්සේ තමයි අපිට රුපියල් 10000ක දීමනාවක් ලබා දුන්නේ.

මේ රජය බලයට පත්වූ පසු ජනවාරි මස 06 වැනිදා සිට අපි ඉල්ලීම් කළේ ඒ වැටුප් විෂමතාවය නිවැරදි කරලා අපිට හිමි ඉතිරි රුපියල් 15000 ලබා දෙන්න කියලා. නමුත් රජය කළේ මොකක්ද. 2025, 2026 නොව 2027 වසරේ සිදුවන වැටුප් වැඩිවීමක් ගැන ඉලක්කම් විජ්ජාවක් පෙන්නලා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා කියලා පුරසාරම් දොඩවන එකයි.”

ReeCha