පාතාලේ මුල් හොයන් යනකොට ඔක්කොම තියෙන්නෙ කාල්ටන් එකේ වැඩේ කියන්නේ ඔක්කොම එකම කඳවුරක - සමන්ත
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් සංවිධානාත්මක අපරාධවල මූලය සොයා ගෙන යන විට එය කාල්ටන් නිවසින් අවසන් වන බව ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ අද (09) දින පාර්ලිමේන්තුවේදීයි.
එසේම අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ක්‍රියාවලිය නිසා විපක්ෂය ද බෙදී වෙන් වී තිබෙන බවයි.
එසේම ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කැබලි වූ විපක්ෂය එක් තැනකට වැටී සිටින බවත් කියයි.
ඒ අනුව පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කණ්ඩායම් එකම කඳවුරක සිටින බව ඔහු පවසා ඇත.
එසේම අනෙක් පසින් සැබෑ ලෙසම බුද්ධිමත්, උගත් සහ ප්‍රගතිශීලී ජනතාව සිටින බවත් ඇමතිවරයා සඳහන් කළා.
මේ අතර අනුර දිසානායක මහතා විශාල දේශපාලන ආදර්ශයක් සපයමින් වරප්‍රසාද අත්හැර ඇති බව ද අගය කළ සමන්ත විද්‍යාරත්න මහතා ජාතික ජන බලවේගය (ජා.ජ.බ) මැදිහත් නොවූයේ නම් මේ මත්ද්‍රව්‍ය ජාවාරම් හසු නොවී, තරුණ පරම්පරාව එයට ගොදුරු වීමට ඉඩ තිබූ බවද අවධාරණය කළා.