ආයේ ලයිසන් ගන්න ගිහින් වින්ඳ කරදර ඉවරයි - මීට පස්සේ වෙන්නේ මෙහෙමයි
දැනට වේරහැර හා හම්බන්තොට පිහිටි කාර්යාලවලින් පමණක් එක්දින සේවා යටතේ සිදුකරන රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම එළඹෙන වසරේ පටන් (2026) සිට කුරුණෑගල, බදුල්ල හා අම්පාර දිස්ත්‍රික් කාර්යාලවලින් ද සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක්, දිස්ත්‍රික් කාර්යාල 12 ක් පමණක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ඩිජිටල් පද්ධතිය සමඟ සම්බන්ධ කර තිබෙන බවත් සෙසු දිස්ත්‍රික් කාර්යාල 13 ම මෙම පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවත් කියා ඇත.
ඒ අනුව රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇතුළු කාර්යන් කාර්යක්ෂමව කිරීමට බලාපොරොත්තු වන බවද මහජනතාවට අපහසුතාවකින් තොරව සේවා ලබා ගැනීමට හැකි වාතාවරණයක් නිර්මාණය කරන බවද ඔහු පවසා තිබෙනවා.
මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත්‍ර පිළිබඳ ප්‍රධාන කාර්යාලය වන වේරහැර කාර්යාලයට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් යොදවා දෛනිකව මුද්‍රණය කරන රියදුරු බලපත්‍ර සංඛ්‍යාව පන්දහසක් (5000) ක් දක්වා වැඩි කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
එසේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා යොදා ගන්නා කාඩ්පත් ලක්ෂයක් ද ඉදිරියේදී ලැබීමට නියමිත බවයි.