බොරැල්ල වෙඩි වරුසාවේ දර්ශන එළියට [VIDEO]

Report

බොරැල්ල සර්පන්ටයින් පාරේ වෙළෙඳසැලක් අසල රැඳී සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන ඊයේ (08) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුවී ඇති බව පොලීසිය පවසයි.

මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වන අතර, වෙඩි තැබීමෙන් අනතුරුව ඔවුන් ස්ථානයෙන් පලා ගොස් ඇත.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

පොලීසිය සඳහන් කළේ, සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදුවී නැති අතර, මෙම වෙඩි තැබීම සඳහා රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවයි.

සංවිධානාත්මක අපරාධ කල්ලියක් අතර ඇති ආරවුලක් මෙයට හේතුවී ඇති බවට පොලීසිය සැක පළ කරන අතර, සැකකරුවන් සොයා බොරැල්ල පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇත.