තත්වය දරුණු වෙයි.? - දොස්තර අර්චුනාට එන්න පුළුවන් ලෙඩෙක් විදියට විතරයි. - රෝහල තහනම් කෙරේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා යම් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙනත් හේතුවකට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලුවීමට උත්සහ කරන්නේ නම් වහාම ඔහු අල්ලා පොලිසියට බාර දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා විසින් රෝහල් ආරක්ෂක නිලධාරීන්ට ඊයේ (16) දැනුම් දී තිබෙනවා.
එමෙන්ම පහර දීමට සූදානම් වුවත් පෙරලා ඔහුට පහර නොදෙන ලෙසත්, ආරක්ෂිත ගේට්ටු වසා දමා ඔහුව අල්ලා පොලිසියට දැනුම් දෙන ලෙසයි යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති වෛද්‍යවරයා ආරක්ෂක නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත.
ශ්‍රී ලංකවේ ක්‍රියාත්මක වන දේශීය හා විදේශීය NGO වලට රජයෙන් දැඩි නියෝගයක්. - මින් පසු වෙන්නේ මෙහෙමයි.
රෝහල් අධ්‍යක්ෂවරයා සියලුම දෙනාට තව දුරටත් පවසා ඇත්තේ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට රෝහල් අධ්‍යක්ෂවරයා ''සර්'' යනුවෙන් ආමන්ත්‍රණය නොකිරීම නිස දැඩි ලෙස උරණව සිටින නිසා ඔහු යළිත් හදිසියේම යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී කුමන හෝ විනාශයක් සිදු කළ හැකි බවයි.
මෙසේ කිරීමට හේතුව වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මීට පෙර යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී නොසන්සුන් ලෙස හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු අවස්ථාවේදී රෝහල් අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීම ගැන ඔහු දැඩි ලෙස කිපී ඒ පිළිබඳ චෝදනාත්මක ස්වරූපයකින් යාපනයේ සංවර්ධන කමිටු රැස්වීමේදී ඉතා දීර්ඝ වශයෙන් කතා කිරීම නිසයි.
You may like this video