මාලිමාව ජය ගන්නවා, කිසිම සැකයක් නෑ - අගමැතිනිය හරිනිගෙන් ප්‍රකාශයක්
මෙවර පළාත් පාලන මැතිවරණය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නොමැති බවත් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ජනාධිපතිවරණයට වඩා විශාල ජයග්‍රහණයක් මහ මැතිවරණයේදී ලැබුණු බවත් පළාත් පාලන මැතිවරණයේදී ඒ හා සමාන හෝ ඊට වඩා වැඩි ජයග්‍රහණයක් ලබාගන්නා බවයි අද (06) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රමාත්‍යවරිය සඳහන් කළේ.
ආණ්ඩුව ලබාගෙන පළමු මාස හයක කාලය තුළ ආණ්ඩුවේ පදනම නිර්මාණය කරගත් බවද, දැන් වඩාත් සීග්‍රයෙන් එහි ප්‍රතිඵල ගමට ගලාගෙන යන ව්‍යුහයක් සකස් කර ගැනීමට හැකිවනු ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
ඒ අනුව, ජනතාවට වත්මන් ආණ්ඩුවේ ප්‍රතිඵල වැඩි වැඩියෙන් දැනීමට පටන්ගැනෙනු ඇති බවත්, හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණය ද පැවැත්විය යුතු බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
