පැතුම්ගේ ද්විත්ව ශත­කය දඹුලු ශතක ත්‍රිත්ව­යට යට­වෙයි

Cricket Pathum Nissanka Dhananjaya de Silva Dasun Shanaka Latest Headlines
By Akash Apr 08, 2025 05:26 PM GMT
Akash

Akash

Report

පැතුම් නිස්සංක වාර්තා කළ අගනා ද්විත්ව ශත­කය යට කර­මින් ධනං­ජය ද සිල්වා, නිශාන් මදුෂ්ක සහ දසුන් ශානක වාර්තා කළ ශතක හේතු­වෙන් දඹුල්ල කණ්ඩා­යම සමඟ පැවති එන්එ­ස්එල් සිවු­දින තර­ග­යෙන් කඩුලු 4ක පරා­ජ­යක් හිමි­කර ගැනී­මට මහ­නු­වර කණ්ඩා­ය­මට සිදු විය.

මේ පරා­ජ­යත් සමඟ මහ­නු­වර පිල ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කරන නැෂ­නල් සුපර් ලීග් (එන්එ­ස්එල්) සිවු­දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ මූලික වටය නිමා කළේ ප්‍රසාද ලකුණු සට­හනේ තෙවැනි ස්ථාන­යෙනි.

ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගන්නා කණ්ඩා­යම් දෙක අව­සන් මහා තර­ග­යට එක්වන බැවින් මේ සමඟ මහ­නු­වර පිලට අව­සන් තරග බලා­පො­රොත්තු අත්හැර ගැනී­මට ද සිදු විය. කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් මහ­නු­වර පිල පළමු ඉනි­මට ලකුණු 453ක් රැස් කළ අතර, පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ දඹුලු පිලට රැස් කළ හැකි වූයේ ලකුණු 340ක් පමණි.

ලකුණු 113ක පළමු ඉනිමේ වාසි­යක් සමඟ දෙවැනි ඉනිම ඇරඹූ මහ­නු­වර පිල කඩුලු 9ක් දැවී ලකුණු 278ක් ලබා සිටි­යදී ඉනිම අත්හි­ටුවූ අතර, දඹුලු පිලට ජය­ග්‍ර­හ­ණය සඳහා හිමිවූ ඉල­ක්කය ලකුණු 392කි.

කඩුලු 6ක් පම­ණක් අහිමි කර ගනි­මින් එම ඉල­ක්කය සපුරා ගැනී­මට සමත්වූ දඹුලු පිල ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගැනී­මට ද සමත් විය.

මදුෂ්ක සහ දසුන්මදුෂ්ක සහ දසුන් දඹුලු ජය වෙනු­වෙන් ආර­ම්භක පිති­කරු නිශාන් මදුෂ්ක (126) දසුන් ශානක (100) ශතක රැස් කිරී­මට සමත් වූහ.

පන්දු 153කින් ගොඩ­නැ­ඟුණු මදු­ෂ්කගේ ශත­ක­යට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ඇතු­ළත් වූ අතර, වේග­වත් පිති­හ­ර­ඹ­යක නිර­තවූ දසුන් හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සමඟ ශත­කය වාර්තා කළේ පන්දු 56ක් පම­ණක් වැය කර­මිනි.

දඹුලු පළමු ඉනි­මේදී නායක ධනං­ජය ද සිල්වා ලකුණු 108ක් රැස් කළ අතර, දඹුලු ජය­ග්‍ර­හ­ණ­යට පන්දු­වෙන් විශිෂ්ට දාය­ක­ත්ව­යක් දුන් අකිල ධනං­ජය ඉනිම දෙකේ­දීම කඩුලු 5 බැගින් දවා ගත්තේය.

මහ­නු­වර පළමු ඉනි­මේදී පැතුම් නිස්සංක ද්විත්ව ශත­ක­යක් (203) වාර්තා කළේ පන්දු 260කදී හතරේ පහර 19ක් සම­ඟිනි. ඔහුට අනගි සහා­යක් දුන් සොහාන් ඩී ලිවේරා පන්දු 169කදී හතරේ පහර 17ක් සමඟ ලකුණු 141ක් රැස් කළේය. 24 හැවි­රිදි සොහාන්ගේ හොඳම පළමු පෙළ ඉනිම මෙයයි.

මහ­නු­වර දෙවැනි ඉනි­මේදී පවන්ත වීර­සිංහ ලකුණු 101ක් රැස් කළ අතර, ඒ අනුව මේ තර­ග­යේදී පිති­ක­රු­වන් 6 දෙනකු ශතක වාර්තා කිරී­මට සමත් වූහ.

මේ අතර හම්බ­න්තොට පැවති යාප­නය සහ ගාල්ල අතර තර­ගය ජය පරා­ජ­යෙන් තොරව නිමා විය. තර­ගයේ පළමු ඉනි­මේදී යාප­නය රැස් කළ ලකුණු 305ට පිළි­තුරු ලෙස ගාලු පිල ලකුණු 371ක් රැස් කළේය.

තර­ගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන යාප­නය කඩුලු 5ක් දැවී ලකුණු 354ක් රැස් කර තිබිණි. මේ තර­ග­යේදී ගාලු නායක රමේස් මෙන්ඩිස් (124) සහ යාප­නය පිලේ ඇන්ජලෝ මැතිව්ස් (103) ශතක වාර්තා කිරී­මට සමත් වූහ.

මේ ඉනිම සමඟ පළමු පෙළ ලකුණු 5000 ඉක්ම­වී­මට රමේෂ් සමත් විය. මේ වන විට තරග 99ක් ක්‍රීඩා කර ඇති රමේෂ් ලකුණු 5076ක් ලබා සිටින්නේ ශතක 12ක් සහ අර්ධ ශතක 24ක් සම­ඟිනි.

මහ­නු­වර සහ දඹුල්ල අතර තර­ග­යේදී ශතක 6ක් වාර්තා වීම කැපී පෙනුණු අතර, යාප­නය – ගාල්ල තර­ගයේ ශතක දෙකත් සමඟ නිමාවූ සති අන්තයේ තරග ද්විත්ව­යේදී ශතක 8ක් වාර්තා විය.

මෙවර තර­ගා­ව­ලියේ එක් සති­යක වාර්තා වූ වැඩිම ශතක සංඛ්‍යාව එයයි. මේ අතර සිංහල දෙමළ අලුත් අවු­රුදු හේතු­වෙන් ලබන සති අන්තය මේ තර­ගා­ව­ලි­යට විවේ­කය ලබාදී ඇති අතර, යළි තර­ගා­ව­ලිය ආරම්භ වන්නේ ලබන 20 වැනි­දාය.

ReeCha