සංගක්කාර ක්‍රිකට් ලොව මවිත කරමින් යළි ක්‍රිකට් පිටියට..පන්දු යැවීමෙන් සහ පිත්තෙන් ලොවම පුදුම කරවයි..(PHOTOS)

Kumar Sangakkara Cricket England World Cricket Record
By Aruna Jun 05, 2024 01:37 AM GMT
Aruna

Aruna

Report

කුමාර් සංගක්කාර ඒ ජනප්‍රිය ක්‍රිකට් තරුව ගැන අද ඇසෙන්නේ වෙනස්ම කතාවක්.

ක්‍රිකට් ලොව මවිත කරමින් ලෝක පුජීත සංගක්කාර 03 වන පෙළ තරගාවලියක පන්දු යැවීම කාගේත් කතාබහට ලක් වුණා.

සංගක්කාර ක්‍රිකට් ලොව මවිත කරමින් යළි ක්‍රිකට් පිටියට..පන්දු යැවීමෙන් සහ පිත්තෙන් ලොවම පුදුම කරවයි..(PHOTOS) | Dorset Cricket League Kumar Sangakkara

හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර විසින් පසුගිය ජුනි 01 දින පැවති තුන්වන පෙළ තරගයක ( division Three) ක්‍රීඩා කළ බවත්, ඒ පිළිබඳව ජාත්‍යාන්තර විචාරකයින් පුදුමයට පත් වූ සිදුවීමක් වාර්තා වේ.

Dorset Cricket League තරගාවලියේ Shillingstone CC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් එම තරගයෙන් ලකුණු 76ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔහු සමත් වීම ද විශේෂත්වයක්.

සංගක්කාර ක්‍රිකට් ලොව මවිත කරමින් යළි ක්‍රිකට් පිටියට..පන්දු යැවීමෙන් සහ පිත්තෙන් ලොවම පුදුම කරවයි..(PHOTOS) | Dorset Cricket League Kumar Sangakkara

මෙම තරගයේ දී සංගක්කාර ඔහුගේ සුපුරුදු ක්‍රීඩා විලාශයට අවිතීර්ණ වෙමින් පන්දු 50ක දී වේගවත් ලකුණු 68 රැස්කර ගනු ලැබීය.

මෙහිදී 05 වන ස්ථානයේ ක්‍රීඩා කළ සංගක්කාර Shillingstone CC පළමු ඉනිමට ලකුණු 177ක් ලබා ගැනීමට උදව් කටයුතු කළේ ය.

2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් කඩුලු රකින සංගක්කාර, සියල්ලන් පුදුමයට පත් කරමින් පන්දු යැවු අතර, ඔහු පන්දු වාර හතක(07) දී ලකුණු 32කට 1 කඩුල්ලක් ලබා ගැනීමට සමත්විය.

සංගක්කාර ක්‍රිකට් ලොව මවිත කරමින් යළි ක්‍රිකට් පිටියට..පන්දු යැවීමෙන් සහ පිත්තෙන් ලොවම පුදුම කරවයි..(PHOTOS) | Dorset Cricket League Kumar Sangakkara

2011 වසරේ ඉන්දියාවේ පැවැති ICC පිරිමි එක්දින ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූයේ සංගක්කාරයි.

2014 ICC පිරිමි T20 ලෝක කුසලානය දිනාගත් ජයග්‍රාහී කණ්ඩායමේ සමාජිකයෙකි.

සංගක්කාර මෙම තරගාවලියේ කෙතරම් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරයි ද කියා ක්‍රීඩා ලොලීන් පුන පුනා බලා සිටින් බව වාර්තා වෙනවා.

සංගක්කාර ක්‍රිකට් ලොව මවිත කරමින් යළි ක්‍රිකට් පිටියට..පන්දු යැවීමෙන් සහ පිත්තෙන් ලොවම පුදුම කරවයි..(PHOTOS) | Dorset Cricket League Kumar Sangakkara