ට්‍රම්ප් ප්‍රංශ ජනපති හමුවට
By Gagana News
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අතර සාකච්ඡාවක් වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදී රුසියානු - යුක්‍රේන යුද්ධය විසදීමේ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
යුද්ධය විසඳීම යනු යුක්‍රේනය රුසියාවට යටත් වීමක් නොවිය යුතු බව එහිදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අවධාරණය කර ඇති බව සඳහන් වන අතර ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පවත්වා ඇති බව වාර්තා වේ.