ලංකාවට මොකක් වෙයිද..? ආසියානු රටවල් ගැන ට්‍රම්ප් හදිසියේම ගත් දැඩි තීරණය..!

Donald Trump Government Of Sri Lanka United States of America Latest Headlines
By Sewvandhi Feb 16, 2025 02:44 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අමෙරිකාවේ මූල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ, බංග්ලාදේශය‍, ඉන්දියාව ඇතුළු රටවල් රැසක  ව්‍යාපෘති රැසක් අවලංගු කර තිබේ.

රාජ්‍ය වියදම් අවම කිරීම වෙනුවෙන් ස්ථාපිත කෙරුණු, ඊලෝන් මස්ක් විසින් මෙහෙයවන අමෙරිකානු රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට යෝජිතව තිබූ අදාළ ව්‍යාපෘති, රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් ආරක්ෂා කිරීමේ අරමුණින් අවලංගු කිරීමට පියවර ගන්නා බවයි.

ආසියාවේ ඉගෙනුම් ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා වූ ඩොලර් මිලියන 47ක ව්‍යාපෘතියක්, බංග්ලාදේශයේ භූ දේශපාලන දර්ශනය ශක්තිමත් කිරීම සඳහා වූ ඩොලර් මිලියන 29ක ව්‍යාපෘතියක්, ඉන්දියාවේ ඡන්දදායකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ඩොලර් මිලියන 21ක ව්‍යාපෘතියක් ඇතුළු රටවල් ගණනාවක් සඳහා වූ ව්‍යාපෘති 15ක් පමණ මෙලෙස අවලංගු කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.  

,You may like this video 👇


ReeCha