ලයිට් බිල වැඩි වේවිද කියලා මගෙන් අහන්න එපා.. මම දන්නේ නැහැ - වැඩි වුනොත් ආණ්ඩුවට බනින්නත් එපා
CEB
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
Bimal Rathnayake
Sinhala news
By Shehan
විදුලි ගාස්තුව අඩු වේද, වැඩි වේද යන්න තමා නොදන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
විදුලි ගාස්තු අඩු හෝ වැඩි කිරීමේ බලය ආණ්ඩුව සතු නොවන බවත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ බලය මහජන උපයෝගිතා කොමිසමට පැවරී ඇති බවත් ඔහු සඳහන් කළේය.

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..
කෙසේ වුවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පවතින තත්ත්වය යටතේ පිරිවැය මත පදනම් වූ මිලක් විදුලි ගාස්තු සඳහා නියම කරන ලෙස දැනුම් දී ඇති බවද ඔහු පැවසීය.
මෙම අදහස් ඔහු ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් පළ කළේය.
