සෙත්සිරිපායට හදිසි ආක්‍රමණයක්..

Report

බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවැනි අදියර ගොඩනැගිල්ලේ තට්ටු රැසකට මැක්කන් විශේෂයක් පැතිරීමෙන් එහි රාජ්‍ය ආයතනවල කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවී තිබිණැයි වාර්තාවේ.

මව සබන් කෑල්ලක් ගෙන ඒමට ගෙට ගිය මොහොතට නිවුන් ළදැරියට සිදු වූ දේ ..

මව සබන් කෑල්ලක් ගෙන ඒමට ගෙට ගිය මොහොතට නිවුන් ළදැරියට සිදු වූ දේ ..

මැක්කන් පැතිරීමෙන්  එහි එක් අංශයක්ද වසා දැමීමට සිදුවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

පහළ මාලයේ සුනඛයකු මිය යෑමෙන් පසු මැක්කන් මෙලෙස පැතිර ගොස් ඇති බව පවසන එම ආරංචි මාර්ග මැක්කන්ගේ අඩුවක් දක්නට නොලැබුණු බවද සඳහන් කළේය.

මැක්කන් පැතිරීම නිසා සේවක සේවිකාවන් එම ගොඩනැගිලි සංකීර්ණයේ ආපනශාලා වලින් ආහාර ගැනීමට පවා මැලිකමක් දක්වා තිබූ බව වාර්තා වන අතර  එම ගොඩනැගිල්ලේ පළමු මහලේ සිට දොළොස්වෙනි මහල දක්වා මැක්කන් පැතිර ගොස් තිබූ බව කියති.

මුහුද මැදදී 49කට මරු කැඳවූ භයානක අනතුර..

මුහුද මැදදී 49කට මරු කැඳවූ භයානක අනතුර..

නාගරික සංවර්ධන අධිකාරිය ළමා කටයුතු අමාත්‍යාංශය, ඇතුළු ආයතන ගණනාවක් මෙම දෙවන අදියර ගොඩනැගිල්ලේ පිහිටා ඇත.