කුඩු ගැසූ වෛද්‍යවරයාට වැඩ වරදී
By Dilasha
අයිස් මත්ද්‍රව්‍ය තම සන්තකයේ තබාගෙන පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයෙක් හා ඔහුගේ මිතුරෙකු මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක් තුළදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය ප්‍රකාශ කරයි.
අදාළ වෛද්‍යවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 400 ක්ද ඔහුගේ මිතුරා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2100 ක් හා හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 180 ක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර සැකකාර වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණි සුබෝපභෝගී මෝටර් රථයද ඔහුගේ වෛද්‍ය නලාවද පොලිස් භාරයට ගෙන තිබේ.