ඔයාගේ අත්ලෙත් M අකුර තියෙනවද? එහෙනම් ඔයත් විශේෂයි...
පුරාණ හස්තරේඛා ශාස්ත්‍රය කියන්නේ අනාගතය ගැන අනාවැකි කීමේ සහ අත්වල රේඛා රටාව අනුව පුද්ගලයෙකුගේ පෞරුෂය අර්ථකථනය කිරීමේ ක්‍රමයක්.
කොහොමත් ලංකාවේ අපිත් මේ ගැන බොහොම උනන්දුයි.

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?
ඒ නිසා තමයි අත්ල පොඩ්ඩක් වැඩිපුර කැසුවත් ඉක්මණට බලන්නේ ඒ කසන්නේ සල්ලි යන්න ද එන්න ද කියලා.
ඒ අතර අත බලලා සාත්තර කියන්නත් ගොඩක් අය දක්ෂයි.
කෙසේ වෙතත් අතේ තියෙන මේ රේඛාවලින් ඉරට්ටේ අංක සහ අකුරු හැඩ තියෙනවත් සමහර වෙලාවට අපිට දැකගන්න පුළුවන්.
මොකද බොහෝ දෙනා විශ්වාස කරනවා අත්ලෙහි ඇති රේඛා අපගේ චරිතය සහ ඉරණම හෙළි කරනවා කියන කාරණය.
එහෙම අතේ තියෙන රේඛාවලින් M අකුර පැහැදිලිව බලා ගන්න පුළුවන් නම් ඒ අය ගැන බොහෝ ගුප්ත විද්වතුන් විමර්ශනය කරලා සොයා ගත් කරුණු කිහිපයක් තියෙනවා.
ඒ තමයි මේ M අකුර අතේ තියෙන අය ගොඩක් විශේෂ පුද්ගලයන්ලු. ඒ වගේම ඔවුන්ට අසාමාන්‍ය බුද්ධියක් තියෙනවා.
ඕනෑම ව්‍යාපාරයක් සඳහා කදිම හවුල්කරුවන් නියෝජනය කරන්නත් අත්ලෙ M අකුර තියෙන අයට පුළුවන්.
ඒ විතරක් නෙවෙයි ඔබ ආදරය කරන පුද්ගලයින්ගේ අත්ලෙහි ඇතුළත M අකුර තිබේ නම් ඔබට ඔවුන්ට සමච්චල් කරන්න බැහැ.
එම පුද්ගලයාව කිසිම ආකාරයකින් බොරු කීමට හෝ රවටා ගැනීමට හැකියාවක් ලැබෙන්නෙත් නැහැ.
මොකද මෙයාලා ඉතා බුද්ධිමත් සහ අවබෝධාත්මක පුද්ගලයන් නිසා.
අතේ M අකුර ඇති පුද්ගලයන්ට පුළුවන් තමන්ව කවුරුහරි බොරුවට හරි රවට්ටනවා නම් ඒක ඉක්මණට තේරුම් ගන්න.
ඒ විතරක් නෙවෙයි අත්ලේ M අකුර තියෙන කෙනා කාන්තාවක් නම් ඔවුන්ට පිරිමින්ට වඩා ශක්තිමත් බුද්ධියක් තියෙන බවත් සොයා ගෙන තියෙනවා.
අත්ලේ M අකුර ඇති අය ජීවිතයේ ඕනෑම බාධකයක් කළමනාකරණය කර ජය ගැනීමට සමත් වෙනවා.
ඔවුන් ශක්තියෙන් ත්‍යාගශීලී වන අතර, ඔවුන්ට ලබා දෙන සම්පත් සහ අවස්ථාවන් ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි කියලත් දන්නවා.
ඒ අනුව ඔබේ අත්ලෙත් "M" අකුර තියෙනවා නම්, නායකත්ව කුසලතා සතුට විශිෂ්ට අවස්ථා ලැබෙනවා.
ඒ අනුව අත්ලේ M අකුර තියෙන ඔබ සැබවින්ම විශේෂ පුද්ගලයෙක්.
මෙය ඇතැම් අයගේ එක අතක දැක ගන්න පුළුවන් වගේම ඇතැම් අයගේ අත් දෙකේමත් දැක ගන්න පුළුවන්.
